Wednesday, March 17, 2021

පුස්තකාලයේ විකාශනය

අනාදිමත් කාලයක සිට මිනිසා තමාගේ ප්‍රකාශන මාධ්‍යයන්  ලෙස විවිධ උපක්‍රම යොදා  අදහස් ප්‍රකාශ කළහ. ඒ අනුව අක්ෂර කලාව දියුණු වීමට ප්‍රථම ඔවුහු රූ සටහන් අඳිමින් ගල්ගුහා බිත්තිවල ,ගස්වල ,පොතුවල සටහන් තැබීමට පුරුදු වූහ. තමා ඇසූ දුටු දේ මෙන් ම තම අදහස් අන් අයට දැන ගැනීම, මතක තබා ගත යුතු දේ ආදිය ප්‍රකාශ කිරිමට ඔවුහු එම මාධ්‍ය උපයෝගී කර ගත්හ. ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට ම මිනිසා මෙම පුරුද්ද දිගට ම  පවත්වා ගෙන ඒමේ ප්‍රතිඵලයක් ලෙස එහි වර්ධනයක් ඇති විය. මැටිපුවරු උපයෝගි කර ගනිමින් නිර්මාණය  කළ යුප්‍රටීස් ටයිග්‍රිස්  ශිෂ්ටාචාරයේ පුස්තකාලය මුල්ම පුස්තකාලය  ලෙස කියවෙන අතර ,පැපිරස් ,පාච්මන්ට්, වැනි මාධ්‍ය ඔස්සේ තම අදහස් ප්‍රකාශයට පත් කරමින් මිසර ශිෂ්ටාචාරයට අයත්  සුප්‍රසිද්ධ ඇලෙක්සැන්ඩ්‍රියානු පුස්තකාලයෙන්  මේ බව සනාථ වෙයි.මුල් යුග මිනිසාට තමා විසින් ලියන ලද අදහස් දැනුම ආරක්ෂාකාරී ව තබා ගැනිම ප්‍රබල අභියෝගයක් විය. අව්වෙන් වැස්සෙන් මෙන් ම කාලයාගේ ඇවෑමෙන් වන විනාශය වළක්වා ගැනීම මෙන් ම ස්වභාවික උපක්‍රමවලින් ද එනම් කෘමි සතුන්, කැරලි කෝලාහල , ගංවතුර වැනි විනාශයන්ගෙන් වළක්වා අනාගතය සඳහා ආරක්ෂා කිරිමට ක්‍රමවේදයක් අවශ්‍යය විය. එම අවශ්‍යතාවය මත පුස්තකාල සංකල්පය ඇති වූවා යයි විශ්වාස  කළහැකි ය.

 පසුකාලයේ දී කඩදාසි සොයා ගැනීමත්  ජෝන් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් නිසා ලේඛනගත ක්‍රම වල ශීඝ්‍ර දියුණවක් ඇති විය. එවිට දැනුම් සම්භාරය ආරක්ෂා කිරීමට හා අනාගත පරපුර සඳහා එය  පවරා දීම සඳහා වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව දැනෙන්නට විය. මුලින් ම ඉතාලිය ,ග්‍රීසිය,මිසරය,බැබිලෝනියාව,ආදි රටවල රාජාණ්ඩු නීති ආදි විධි තොරතුරු  ද මැටි පුවරුවල ලියා රජ මාළිගයේ ම තැන්පත් කොට ආරක්ෂා  කළ බව සඳහන් වේ. පුස්තකාලවල මූලික අවස්ථාව   මේ යැයි  ද අපට විශ්වාස කළ හැකි ය. එය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පුස්තකාල සංකල්පය ගොඩනැගෙන්නට ඇත.

 ග්‍රීක දාර්ශනික  ඇරිස්ටෝටල්හට ද පෞද්ගලික පුස්තකාලයක් තිබූ බව සඳහන් වේ. එමෙන් ම කොන්ස්තන්තිනෝපල් නගරයේ තිබූ ග්‍රීක රෝම ශිෂ්ටාචාරයට අයත් පුස්තකාලය ද  ඉතා වැදගත් ස්ථානයක් ගනී. මෙහි තිබූ පොත්පත් රැගෙන උගතුන් යුරෝපයට පලායාම ලෝක ඉතිහාසය නව මගකට යොමු කළ එක්තරා සන්ධිස්ථානයක් විය.

 වර්තමාන ලොව විශාලතම  පුස්තකාල ලෙස  පිළිගැනීමට ලක්වී තිබෙන්නේ  ඇමරිකාවේ කොංග්‍රස් පුස්තකාලය  හා බ්‍රිතාන්‍යය පුස්තකාලය යි . සෑම රටක ම ප්‍රධාන ජාතික පුස්තකාලයක් ස්ථාපිත කරමින්  ජනතාවගේ බුද්ධි වර්ධනයට පහසුකම් සපයා තිබේ. එමෙන් ම වර්තමානයේ  නවීණ තාක්ෂණය ද  භාවිත කරමින් පුස්තකාලයට නවීණත්වයක් ද එකතුකර ඇත. උදාහරණ ලෙස පාවෙන පුස්තකාල, පුස්තකාල,පොත් කියවීම පෙන්වාදිය හැකි ය.

 එමෙන් ම පුස්තකාල වර්ගීකරණයක් මගින් විශේෂිකරණය සිදු වී ඇත. එය වර්තමාන සංකීර්ණ සමාජය ජය ගැනීමකි. ඒවා නම්,

 1 ශාස්ත්‍රීය පුස්තකාල

2 ළමා පුස්තකාල

3 ජාතික පුස්තකාල

4 මහජන පුස්තකාල

5 විමර්ශන පුස්තකාල

6 පර්යේෂණ පුස්තකාල

7 විශේෂ පුස්තකාල

 ‘සිරුරට ආහාර මෙන් මොළයට පොත්පත් ය‘.යන ආත්තෝපදේශයට අනුව අප අනාගත පරපුරට පුස්තකාලය ඉතිරි කිරීමට නම් එය මුහුණපා ඇති විනාශකාරී උපද්‍රවයන්ගෙන් ආරක්ෂාකර එම අභියෝගය ජය ගැනීමට  අනාගත පරපුර සන්නද්ධ කිරීම අපසතු වගකීමයි.

 (තොරතුරු - ජේ.එම්.සී.කේ.තෙන්නකෝන් -ව/ඉ/උස්සාව විද්‍යාලය-මැල්සිරිපුර)

 

Education & Library History in Sri Lanka (Sinhala Article Link)

 

Pothgul Puranaya (Sinhala Article Link)

 

 දැනුම සංවිධානය

Monday, March 15, 2021

රජයේ විභාග සඳහා අත්‍යාවශ්‍ය බුද්ධි පරීක්ෂණ ගැටලු හා සාමාන්‍ය දැනීම

IQ short methods

Ready to IQ paper

General knowledge

සාමාන්‍ය දැනීම

General Knowledge Sinhala

සාමාන්‍ය දැනීම 01

IQ

IQ TEST 01 | Government Exams | Knowledge Hub SL

 

වලාකුළු පරිගණක සහ නූතන පුස්තකාල

 වලාකුළු පරිගණක (Cloud Computing)

අප දැන් පසු කරමින් සිටින්නේ තොරතුරු යුගයයි.[Information Age] අද ලොව වඩාත්ම වැදගත් සම්පත බවට තොරතුරු පත්ව ඇත්තේ,ඒමතින්යමෙකුගේ ජයග්‍රහණය,ව්‍යාපාරයක නම ලාභය සහ සාර්ථකත්වය තීරණය වන බැවිනි.එලෙසින් අතිශය වැදගත් තොරතුරු අවැසි සැනින් හුවමාරුවට උපන් ක්‍රමවේදය තොරතුරු තාක්ෂණයයි.1946 එලිය දුටු මුල්ම සාමාන්‍ය භාවිතය සඳහා නිපදවූ ENIAC පරිගණකයේ සිට වර්තමානය දක්වා තොරතුරු තාක්ෂණය සිත මවිත කරවන සුළු සීග්‍ර දියුණුවක් ලබා තිබේ.තොරතුරු තාක්ෂණ මෙවලම් (මෘදුකාංග සහ දෘඩාංග )නිපදවන සමාගම් අතර ඇති තියුණු තරඟය හේතුවෙන් මෙම අධි සීග්‍ර (exponential) වැඩි දියුණු කිරීම් මිනිස් ලොව අංකිත (digital) ලොවක් බවට පත් කර ඇත.දිනෙන් දින වෙනස්වන තොරතුරු තාක්ෂණ ක්‍රමවේද අතුරින් වර්තමානයේ වැඩියෙන්ම කතා බහට ලක් වන සංකල්පයක් ඇත.අන්තර්ජාලය පදනම් කරගත් මෙම තාක්ෂණය වලාකුළු පරිගණනය (Cloud Computing ) ලෙස හැඳින්වේ.

යම් අයෙකුගේ  පුද්ගලික පරිගණකයත්,ජංගම තාක්ෂණික මෙවලම් (mobile devices) සියල්ලත් සෑම මොහොතකම සම්බන්ධව ඇති නම්, ඔහුට අවැසි ඕනෑම මොහොතක ,ඕනෑම තැනක සිට පුද්ගලික තොරතුරු ලබා ගත හැකි නම්, තමාගේ ඡායාරුප,වීඩියෝ දර්ශන,දුරකථන අංක එකතුව,ඊ-මේල්,ලිපි ගොනු ආදී සියල්ල ඔහුට ඔහුගේ මිතුරන්,පවුලේ සාමාජිකයන්,රැකියා ස්ථානයේ සමකාලීනයන් සමග ක්ෂණයකින් හුවමාරු කල හැකි නම් කෙතරම් අපූරුද?ඒ සියල්ල එලෙසම සිදු වේ නම් අපගේ ජීවිත ඉතාමත් පහසු වනු ඇත.Cloud Computing -වලාකුළු පරිගණනය අපට මේ සියල්ල ඉටු කර දෙයි.

වලාකුළු පරිගණනය  යනු පරිගණනය (computing) සහ තොරතුරු ගබඩා කිරීම් (storage) යන ක්‍රියාවලීන්,සේවාවක් ලෙස බහුවිධ වූ පරිශීලකයින් පිරිසකට ලබා දීම අන්තර්ජාලය පදනම් කර ගනිමින් සිදු කිරීමයි.වලාකුළු පරිගණනය යන අපුරු නාමය මෙම ක්‍රමවේදය හැඳින්වීම සඳහා යොදා ගෙන ඇත්තේ එහි ඇති සංකීර්ණ තොරතුරු හුවමාරු කිරීමේ සැකස්මත්,අන්තර්ජාලය මත පදනම් වී තිබීමත් හේතුවෙනි.ඉතාම සරලව කිවහොත් ,Cloud Computing  පරිගණකය තුල ස්ථාපනය කරන ලද මෘදුකාංග වලින් ලබා ගත් සේවාව,කොහේ හෝ ඈත රටක ඇති සර්වර් පරිගණකයක් තුල ඇති මෘදුකාංගයක් අන්තර්ජාලය හරහා සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමයි.තොරතුරු තාක්ෂණ විශ්ලේෂකයින් අනාවැකි පල කරන ආකාරයට ආනාගතයේදී වලාකුළු පරිගණනය තුලින් සැපයෙන වලාකුළු යෙදුම්(cloud applications) මෘදුකාංග ලොව උඩු යටි කුරු කරතිබේ.වත්මන් ව්‍යාපාරික ලොව තුල තොරතුරු තාක්ෂණය නැතුවම බැරි අංගයක් බවට පත් වී ඇත.තරඟකාරිත්වය තුල උපක්‍රමික වාසියක් ලබා ගැනීම සඳහා යම් ව්‍යාපාරයක ව්‍යාපාර සැකසුම් (Business Processes) වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය භාවිත වේ.වලාකුළු පරිගණනය මෙහිදී මහත් වූ කාර්යභාරයක් ඉටු කරයි.

උදාහරණයක් ලෙස පුස්තකාල හා තොරතුරු සේවා සපයනආයතනයක ඇති පුස්තකාල පද්ධති කළමනාකරණ ක්‍රියාවලිය ස්‌වයංක්‍රීයගත (automate) කිරීම සඳහා භාවිත කරන මෘදුකාංග (Library Management software) ආයතනයේ පරිගණක පද්ධතිය තුල ස්ථාපනය නොකර,අන්තර්ජාලය හරහා වලාකුළු යෙදුම් (cloud applications) සපයන සැපයුම්කරුවකුමගින් ලබා ගැනීම සිදු කල හැකිය.මේ තුලින් වඩාත් දියුණු මෘදුකාංග යෙදුම් භාවිත කිරීමට හැකිවීමත්,වියදම් බොහෝදුරට අඩු කර ගැනීමට හැකිවීමත් පුස්තකාලයට වාසි ගෙන දෙයි.මෘදුකාංග සංවර්ධන වියදම්,පද්ධතිය නඩත්තු කරන තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සඳහා ගෙවිය යුතු වේතන හැකි තාක් දුරට අඩු කර ගන්නට එමගින් පුස්තකාල හා තොරතුරු සේවා සපයන ආයතනයකට හැකියාව ලැබේ.

වලාකුළු පරිගණක සහ නූතන පුස්තකාල

නූතන දැනුම කේන්ද්‍ර ගත සමාජයේ සම්ප්‍රදායික පොත පත, සඟරා, පුවත්පත් හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවලින් දුන් තොරතුරු ප්‍රවාහය අභිභවමින් ඉලෙක්ට්‍රොනික හා පරිගණක ගත මාර්ගස්ථ මාධ්‍ය ඔස්සේ තොරතුරු උත්පාදනය වෙමින් ශීඝ්‍රයෙන් දසත ප්‍රචාරය වෙමින් පවත්නා බව දැකගත හැකිය.සම්ප්‍රදායික දැනුම ලැබීමේ ක්‍රම නූතන තාක්ෂණික දියුණුවත් සමඟ “යාව ඡීව ඉගෙනුම (Life – Long Education)බවට පත්ව ඇත. මෙම යාවජීව ඉගෙනුමෙහි නියුතු වන්නා බිත්ති හතරකට, පන්ති කාමරයකට, බිත්ති වලින් වටවූ පුස්තකාලයකට තවදුරටත් කොටු නොවෙයි. පාඨකයාට අවශ්‍ය වන්නේ බිත්තිවලින් තොර කඩඉම් නොමැති පුස්තකාලයකි.(Library without Wall)මුළු ලොවම විශ්ව ගම්මානයක් වූවා සේම මෙම කාර්යය සපුරාලන්නට පුස්තකාලය සදා විවෘත වූ විශ්ම පුස්තකාලයක් විය යුතුය. එහිදී දුරස්ථ අධ්‍යාපනය,ජීවිත කාලීන අධ්‍යාපනය සාම්ප්‍රදායික අධ්‍යාපනය අතික්‍රමණය කර තිබේ. එම කර්තව්‍යයේදී සාම්ප්‍රදායික තොරතුරු ප්‍රභව වෙනුවට අන්තර්ජාලය, ලෝක ව්‍යාප්ත ජාල හා වෙබ් අඩවි ගත තොරතුරු ප්‍රභව, දත්ත පදනම් හා ග්‍රන්ථ සුචි මෙන්ම ඉලෙක්ට්‍රොනික ලිපි ලේඛණ, සඟරා ලිපි හා ඉලෙක්ට්‍රොනික ග්‍රන්ථ ආදිය පරිශීලනය කිරීමට පාඨකයාට සිදුවෙයි. මෙහිදී ඉලෙක්ට්‍රොනික හා ඩිජිටල් පුස්තකාල ඉතා විශාල කාර්ය භාරයක් ඉටුකරයි.මේ සහා පුස්තකාලවල සහායට එන්නේ වලාකුළු යෙදුම්ය. (cloud applications)

 

Cloud Computing වර්ග තුනකට මුලිකවම වර්ගීකරණය කල හැකිය.ඒවා නම්,

«  යටිතල පහසුකම් සේවාවක් ලෙස (Infrastructure as a Service)-IaaS

«  සංවර්ධන පරිසර සේවාවක් ලෙස (Platform as a Service)-PaaS

«  මෘදුකාංගමය සේවාවක් ලෙස(Software as a Service)-SaaS

ඉහත සහන් Cloud Computing වර්ගවල සේවාවන් ලබාගැනීමෙන් බොහෝ පුස්තකාලවලට නිරන්තරයෙන් පැනනගින මූල්‍යමය, භෞතික හා මානව සම්පත් ඌනතා ගැටලු මගහරවා ගත හැකිය.

Infrastructure as a Service(IaaS)

මෙහිදී බොහෝ විට කාර්ය පරිගණනය (utility computing) සේවයක් සැපයීම සිදු කෙරේ.දත්ත ගබඩා අවකාශය ,Firewalls සහ ජාල පහසුකම් සැපයීම මෙහිදී මුලිකවම සේවා ග්‍රාහකයා වෙනුවෙන් ලබා දේ.

උදාහරණ ලෙස Amazon CloudFormation, Rackspace Cloud,RightsScales,CX.com හඳුන්වා දිය හැක.

Platform as a Service (PaaS)

මෙම සේවය මුලිකවම මෘදුකාංග සංවර්ධනය සහ මෘදුකාංග ධාවනය (Run) සඳහා අවශ්‍ය පරිසරයක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.මෙහෙයුම් පද්ධතිය,පරිගණක භාෂා පරිසරය,දත්ත සමුදාය (Database) සහ වෙබ් සර්වර් යන පහසුකම් සියල්ල සේවා ග්‍රාහකයා හට මෙමගින් ලබා දේ.එහිදී විශේෂයෙන් මෘදුකාංග සංවර්ධකයන්ට මෘදුකාංග නිපදවීමට අවශ්‍ය දෘඩාංග සහ සංවර්ධක මෘදුකාංග මිල දී ගැනීමේදී සහ කළමනාකරණයේදී දැරීමට සිදුවන පිරිවැය සහ සංකීර්ණත්වය විශාල වශයෙන් අඩු කර ගත හැකිය.

PaaSසඳහා උදාහරණ ලෙස Amazon Elastic Beanstalk,Heraku,EngineYard,Google App Engine,Microsoft Azure ගත හැකිය.

Software as a Service (SaaS)

මෙම ක්‍රමවේදය Cloud Computing හි වඩාත්ම ප්‍රචලිත භාවිතය පිළිබිඹු කරයි.එහිදී සේවාදායකයා මෘදුකාංග යෙදුම් වලාකුළ නොහොත් අන්තර්ජාලය තුල ස්ථාපනය කරන අතර සේවා ග්‍රාහකයා අන්තර්ජාලය ඔස්සේ තම පරිගණකයේ ඇති වෙබ් බ්‍රව්සරය උපයෝගී කර ගනිමින් අදාල යෙදුම් වෙතට ලනග වී අවශ්‍ය උපයෝජනය ලබා ගනී.

උදාහරණ ලෙස Google Apps, QuickBooks Online,SalesForce.com ගත හැකිය.

පුස්තකාල හා තොරතුරු සේවා සහා වලාකුළු යෙදුම් (cloud applications) භාවිතා කිරීමෙන් ලබාගතහැකි වාසි

·         jshou wju lr.ekSu(cost saving)

·         kuH;djfhka(Flexibility) iy kjH;djfhka(innovation) hqla;jSu

·         mdGlhd uOH.; lsrSu(user centric)

·         ksfhdacs;fhla f,i lghq;= lsrSu(Representation)

·         mdGl wjYH;d ld,Skj isoqlsrSfuz yelshdj

·         msgm;a .ekSu iy kej; .nvdlsrSu ^Backup & Restoration&

·         f;dr;=re yqjudrelr .ekSfu zyelshdj(Shared resources)

·         TzkEu mrs.Kl WmlrKhl adevice iu. iuznkaOjSfu zyelshdj(Bettermobility)

·         by< ugzgfuziajhxlS%hlrK ;;ajhla mej;Su(Highly automated)

·         o;a; .nvd mq,q,aj ;snSu(Increased storage)

·     mqia;ld, l<ukdlrK moaO;s iy ;dr;=re Cloudys ia:dmkh lsrSu fukau kv;a;= lsrSu o myiqjSu(Easy an installation & maintenance)

·         TzkEu fjz,djl TzkEu ia:dkhl oSNdjs; lsrSfu zyelshdj(Availability any time any where)

·         jsksjsoNdjhla iy jsjD; Ndjhla(transparency & openness) mej;Su

 ඊට අමතරව වලාකුළු පරිගණක සේවා භාවිතා කිරීමෙන් පුස්තකාලවලට ලබා ගත හැකි වාසි මෙසේය

Reduce space,Communication easy, shearing resources, Best Management Strategy,Provide Infrastructure, Able to go for traditional to digital library service, Attract youngergeneration, Virtualization, Reduce System Down time, Enhance library staff, No need to think about in-housesoftware development,Library staff release for IT maintenance matter

ක්ලවුඩ් ප්‍රින්ට් සේවය

ගූගල් විසින් හදුන්වා දී තිබෙන විශේෂ සේවාවන් අතර ක්ලවුඩ් ප්‍රින්ට් සේවයට හමුවෙන්නේ සුවිශේෂ තැනකි.ලොව ඕනෑම තැනක ඇති පරිගණකයක්, ටැබ්ලට් උපාංගයක් සමග ප්‍රින්ටරයක් සම්බන්ධ කිරීම මේ හරහා සිදුවේ. මෙහිදී උපාංගයේ ඇති ඕනෑම ලියවිල්ලක්, ඡායාරූපයක්. ප්‍රින්ට් අවුට් එකක් ලෙස ඕනෑම ස්ථානයකට ලබාදියහැකි වීම පුස්තකාල පාඨකයන්ට සේවා සැපයීමේදී වැදගත් වේ.

Wikipedia ඔන්ලයින් විශ්වකෝෂය

ලොව විවිධාකාර බොහෝ තොරතුරු වෙබ් අඩවි තුළ ඇතුලත් කොට ඇත. විවිධ ආයතන හා පුද්ගලයින් වෙතින් නිර්මාණය වන ලිඛිත, චිත්‍රක, වීඩියෝ, ශ්‍රව්‍ය, දෘෂ්‍ය ආදී බහුවිධ විලාසයන් ගෙන් සජ්ජිත තොරතුරු  HTML, PDF, SGMZ, XML, ASP ආදී වූ ඉලෙක්ට්‍රොනික ලේඛන ක්‍රම සහ JPG, JIF, BMP  ආදී වූ චිත්‍රන ක්‍රම හා WAV, MPEG වැනි වීඩියෝ ක්‍රම අනුසාරයෙන් සකසා මෙම වෙබ් අඩවි ගත කොට ඇත. දැනුම කේන්ද්‍රගත සමාඡයක පාඨකයාට අවශ්‍ය නව තොරතුරු සැනින් ලබාදීම උදෙසා පුස්තකාල කාර්ය මණ්ඩලයට මෙකී වෙබ් අඩවි වලින් ලබා ගත හැකි පිටුවහල අතිමහත්ය. උදාහරණයක් ලෙස www.wikipedia.orgවෙබ් අඩවිය ගෙන බලමු. යම් දෙයක් ගැන හැම දෙයක්ම දැන ගැනීමට විශ්ව කෝෂයක් හෙවත් එන්සයික්ලොපීඩියාවක් කියවිය යුතුය.  ලෝ ප්‍රකට බ්‍රිටැනිකා විශ්ව කෝෂය, එන්කාටා විශ්ව කෝෂය යනාදිය එවැනි මුද්‍රිත පොත්ය. එහෙත් විසි එක්වැනි සියවසේ ලොව ප්‍රකටම විශ්ව කෝෂය මේ කිසිවක් නොව අන්තර්ජාලය හරහා පිවිසිය හැකි විකිපීඩියා විශ්ව කෝෂයයි. එපමණක් නොව එය අද ලොව තිබෙන විශාලතම දැනුම් සම්භාරයි. එසේ දැනට අන්තර්ජාලයේ තිබෙන මුළු වෙබ් අඩවි ගණන වන තිස් හතරකෝටි හැටලක්ෂයක් අතරින් හයවැනි තැනට ජනප්‍රිය වෙබ් අඩවිය මෙයයි. විවිධ මාතෘකා ඔස්සේ ලියූ ලිපි දෙකෝටියක් විකිපීඩියාවේ තිබේ. ඒ භාෂා 283කින් ලියූ ඒවාය. එම ලිපි කියවීමට සෑම මසකම විකිපීඩියාවට එක්රොක් වන සෙවුම්කරුවන් කෝටි 270කි. ලෝකයේ දැනට ඇති හැම දැනුමක්ම හැම භාෂාවකින්ම සටහන් කොට තිබීම විකිපීඩියාව ආරම්භ කිරීමේ අරමුණ විය. පාඨකයින්ට අවශ්‍ය ඕනෑම මාතෘකාවක් සම්බන්ධයෙන් තොරතුරු අඩංගු ඔන්ලයින් විශ්වකෝෂය වන Wikipedia තවත් cloud යෙදුමකි.සෙසු වෙබ් අඩවි වලට වඩා අගනාකමින් වැඩි මෙවන් වූ වෙබ් අඩවි වලින් තොරතුරු ලබා ගැනීම පිළිබඳ නූතන පුස්තකාල මනා පරිචයක් ලබා ගැනීම මෙහිලා වැදගත්ය. කිසියම් සාර්ථක තොරතුරු සෙවුමකදී ප්‍රතිඵල ලද පසු එම වෙබ් අඩවි ලිපිනයන් අදාල පරිගණකය තුළ අනාගත පිරික්සුම් සඳහා සලකුණු(Book Mark) කොට තැබීම ඕනෑම පුස්තකාලයකට ප්‍රයෝජනවත් වේ.

Adobe Connect -වීඩියෝ සම්මන්ත්‍රණ මෘදුකාංගය

Acrobat.com  සමග එන සේවයක් වන මෙය අදහස් හුවමාරුවට, සාකච්ඡාවන්ට, කණ්ඩායම් ගත ක්‍රියාකාරකම් වලට යොදා ගත හැකි විශිෂ්ට මෙවලමකි. ස්ථාපනය (Install) කිරීමක් අවශ්‍ය නොවේ. නොමිලේ සේවාව ලබා ගත හැකිය. පුස්තකාල කාර්යමණ්ඩලය හා පාඨකයින් අතර සන්නිවේදනය සහා යොදාගතහැකි වලාකුලු සේවාවකි.

Animoto -දෘශ්‍ය මෘදුකාංගය

නිශ්චල චායාරුප ,සංගීත ඛණ්ඩ සහ වීඩියෝ දර්ශන එකතුකොට වීඩියෝ Presentation  බවට පරිවර්තනය කරයි.VoiceThread තවත් උදාහරණයකි. පුස්තකාලය පිළිබඳ ප්‍රචාරණයට මෙය යොදාගත හැකිය.

 Blogger – Google Blogging මෘදුකාංගය

Google සමාගමෙන් සැපයෙන මෙම අපුරු වෙබ් පරිසරය තුලින් මෘදුකාංග කේතකරණ (coding) දැනුමක් නොමැතිවම පුස්තකාලයේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් නොමිලේම blog වෙබ් අඩවියක් සාදා ගන්නට පුළුවන.

Facebook

අප නිතිපතාම සැරිසරන Facebook සමාජ ජාලයද වලාකුළු යෙදුමකි. අප විසින් ජාලගත කරනු ලබන තොරතුරු ,චායාරුප,වීඩියෝ සියල්ල ගබඩා වන්නේ Facebook සර්වර් තුලය. අවසරපද ලබාදුන් සැනින් Facebook Cloud Application එක පරිහරණය කල හැකිය. මෙය පුස්තකාලය පාඨකයන් අතර ජනප්‍රිය කරවීමට යොදාගතහැකි කදිම මෙවලමකි.

Flickr –Online Photo Sharing වෙබ් අඩවිය

බිලියන 4 කට වැඩියෙන් ඇති චායාරූප එකතුවක් සහිත Flickr වෙබ් අඩවිය  පුස්තකාලයේ  චායාරූප එකතුවක් පවත්වාගෙන යාමට වඩාත් සුදුසුය.

YouTube

තවත් ප්‍රියතම අන්තර්ජාල ගමනාන්තයක් වන YouTube වීඩියෝ upload කිරීමටත් ,ඒවා Share කිරීමටත් යොදා ගන්නා  අපුරු යෙදුමකි. දිනෙන් දින මුදා හැරෙන වලාකුළු පරිගණක යෙදුම් පුස්තකාලයේ පාඨක  සැමගේම තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සපුරා ලනු ඇත.

M. K. GivonYanikaNandasena, MIM / NILIS, University of Colombo 

 

 



Free Sinhala E-books

  Sinhala E-books