Librarian- පුස්තකාලයාධිපති
පුස්තකාලයාධිපති උදෙසා ඉංග්‍රීසියෙන් යෙදෙන Librarian යන යෙදුමෙහි නිරුක්තියෙන්( liber යන ලතින් යෙදුම Books යන ඉංග්‍රීසි යෙදුමට සමාන වෙයි) කියැවෙන පරිදි ම පුස්තකාලයාධිපතිත්වය සාම්ප්‍රදායික ව බැඳී තිබුණේ ග්‍රන්ථ සංචිත සමගිනි.පුස්තකාලයාධිපතිවරයා ගේ කාර්යභාරය නව තාක්ෂණික සහ සමාජ අවශ්‍යතාවන් හමුවේ නිරන්තර ව පරිණාමය වෙමින් පවතී. වර්තමානයේ දී පුස්තකාලයාධිපතිවරයෙකු ග්‍රන්ථ; විද්‍යුත් මූලාශ්‍ර; සඟරා; පුවත්පත්; ශ්‍රව්‍ය හා දෘෂ්‍ය පටිගත කිරීම්; සිතියම් ; අත්පිටපත්; ඡායාරූප සහ වෙනත් ග්‍රාපික අමුද්රව්‍ය; ග්‍රන්ථවිද්‍යාත්මක දත්තසමුදාය; සහ වෙබ් පාදක සහ අංකිත මූලාශ්‍ර වැනි තොරතුරු සංග්‍රහ වී අැති විවිධ අාකෘතීන් රැසක් සමග ගනුදෙනු කරනු දැකිය හැකි ය. එමෙන් ම පුස්තකාලයාධිපතිවරයෙකු විසින් තොරතුරු සාක්ෂරතාවය සදහා උපදෙස් ලබා දීම , පරිගණක සැපයීම සහ පුහුණුකිරිම; සමාජ කණ්ඩායම්වල පොදුජන වැඩසටහන් පැවැත්වීමට සත්කාරකත්වය සැපයීම; ආබාධ සහිත පුද්ගලයන් සඳහා තාක්ෂණික අාධාර ලබාදීම; සහ ප්‍රජා මූලාශ්‍රයන්ට ප්‍රවේශය සලසා දීම අැතුළු තොරතුරු හා බැඳුණු සේවාවන් ද සපයනු ලැබේ.කර්තෘවරු සහ විද්‍යාර්ථීහු සිය පොත්වල ස්තූතිය පිරිනැමීමේ දී නිරතුරුව ම පුස්තකාලයාධිපතිවරයා ව අගයති.
විකිපීඩියා වෙතින්
Sinhala E-books