Wednesday, April 28, 2021
Monday, April 19, 2021
Monday, April 5, 2021
තොරතුරු දැනුම කරගන්න හැටි | Mind Map - Dr Ruwan Gamage
පහසුවෙන් තොරතුරු දැනුම බවට පරිවර්තනය කරගැනීමට ඉතා සුදුසුම ක්‍රමවේදයක් වන Mind map පිළිබඳව මෙම වීඩියෝව මඟින් සාකච්ඡා කෙරේ. සම්පත් දායකත්වය ආචාර්ය රුවන් ගමගේ මහතා විසිණි.
National Library of Sri Lanka-Presented by Samith Thanuja
https://www.youtube.com/watch?v=juztBG_vWBQ&ab_channel=NationalLibraryofSriLanka
Tuesday, March 23, 2021
Wednesday, March 17, 2021
පුස්තකාලයේ විකාශනය
අනාදිමත් කාලයක සිට මිනිසා තමාගේ ප්‍රකාශන මාධ්‍යයන් ලෙස විවිධ උපක්‍රම යොදා අදහස් ප්‍රකාශ කළහ. ඒ අනුව අක්ෂර කලාව දියුණු වීමට ප්‍රථම ඔවුහු රූ සටහන් අඳිමින් ගල්ගුහා බිත්තිවල ,ගස්වල ,පොතුවල සටහන් තැබීමට පුරුදු වූහ. තමා ඇසූ දුටු දේ මෙන් ම තම අදහස් අන් අයට දැන ගැනීම, මතක තබා ගත යුතු දේ ආදිය ප්‍රකාශ කිරිමට ඔවුහු එම මාධ්‍ය උපයෝගී කර ගත්හ. ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට ම මිනිසා මෙම පුරුද්ද දිගට ම පවත්වා ගෙන ඒමේ ප්‍රතිඵලයක් ලෙස එහි වර්ධනයක් ඇති විය. මැටිපුවරු උපයෝගි කර ගනිමින් නිර්මාණය කළ යුප්‍රටීස් ටයිග්‍රිස් ශිෂ්ටාචාරයේ පුස්තකාලය මුල්ම පුස්තකාලය ලෙස කියවෙන අතර ,පැපිරස් ,පාච්මන්ට්, වැනි මාධ්‍ය ඔස්සේ තම අදහස් ප්‍රකාශයට පත් කරමින් මිසර ශිෂ්ටාචාරයට අයත් සුප්‍රසිද්ධ ඇලෙක්සැන්ඩ්‍රියානු පුස්තකාලයෙන් මේ බව සනාථ වෙයි.මුල් යුග මිනිසාට තමා විසින් ලියන ලද අදහස් දැනුම ආරක්ෂාකාරී ව තබා ගැනිම ප්‍රබල අභියෝගයක් විය. අව්වෙන් වැස්සෙන් මෙන් ම කාලයාගේ ඇවෑමෙන් වන විනාශය වළක්වා ගැනීම මෙන් ම ස්වභාවික උපක්‍රමවලින් ද එනම් කෘමි සතුන්, කැරලි කෝලාහල , ගංවතුර වැනි විනාශයන්ගෙන් වළක්වා අනාගතය සඳහා ආරක්ෂා කිරිමට ක්‍රමවේදයක් අවශ්‍යය විය. එම අවශ්‍යතාවය මත පුස්තකාල සංකල්පය ඇති වූවා යයි විශ්වාස කළහැකි ය.
පසුකාලයේ දී කඩදාසි සොයා ගැනීමත් ජෝන් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් නිසා ලේඛනගත ක්‍රම වල ශීඝ්‍ර දියුණවක් ඇති විය. එවිට දැනුම් සම්භාරය ආරක්ෂා කිරීමට හා අනාගත පරපුර සඳහා එය පවරා දීම සඳහා වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව දැනෙන්නට විය. මුලින් ම ඉතාලිය ,ග්‍රීසිය,මිසරය,බැබිලෝනියාව,ආදි රටවල රාජාණ්ඩු නීති ආදි විධි තොරතුරු ද මැටි පුවරුවල ලියා රජ මාළිගයේ ම තැන්පත් කොට ආරක්ෂා කළ බව සඳහන් වේ. පුස්තකාලවල මූලික අවස්ථාව මේ යැයි ද අපට විශ්වාස කළ හැකි ය. එය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පුස්තකාල සංකල්පය ගොඩනැගෙන්නට ඇත.
ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්හට ද පෞද්ගලික පුස්තකාලයක් තිබූ බව සඳහන් වේ. එමෙන් ම කොන්ස්තන්තිනෝපල් නගරයේ තිබූ ග්‍රීක රෝම ශිෂ්ටාචාරයට අයත් පුස්තකාලය ද ඉතා වැදගත් ස්ථානයක් ගනී. මෙහි තිබූ පොත්පත් රැගෙන උගතුන් යුරෝපයට පලායාම ලෝක ඉතිහාසය නව මගකට යොමු කළ එක්තරා සන්ධිස්ථානයක් විය.
වර්තමාන ලොව විශාලතම පුස්තකාල ලෙස පිළිගැනීමට ලක්වී තිබෙන්නේ ඇමරිකාවේ කොංග්‍රස් පුස්තකාලය හා බ්‍රිතාන්‍යය පුස්තකාලය යි . සෑම රටක ම ප්‍රධාන ජාතික පුස්තකාලයක් ස්ථාපිත කරමින් ජනතාවගේ බුද්ධි වර්ධනයට පහසුකම් සපයා තිබේ. එමෙන් ම වර්තමානයේ නවීණ තාක්ෂණය ද භාවිත කරමින් පුස්තකාලයට නවීණත්වයක් ද එකතුකර ඇත. උදාහරණ ලෙස පාවෙන පුස්තකාල, පුස්තකාල,පොත් කියවීම පෙන්වාදිය හැකි ය.
එමෙන් ම පුස්තකාල වර්ගීකරණයක් මගින් විශේෂිකරණය සිදු වී ඇත. එය වර්තමාන සංකීර්ණ සමාජය ජය ගැනීමකි. ඒවා නම්,
1 ශාස්ත්‍රීය පුස්තකාල
2 ළමා පුස්තකාල
3 ජාතික පුස්තකාල
4 මහජන පුස්තකාල
5 විමර්ශන පුස්තකාල
6 පර්යේෂණ පුස්තකාල
7 විශේෂ පුස්තකාල
‘සිරුරට ආහාර මෙන් මොළයට පොත්පත් ය‘.යන ආත්තෝපදේශයට අනුව අප අනාගත පරපුරට පුස්තකාලය ඉතිරි කිරීමට නම් එය මුහුණපා ඇති විනාශකාරී උපද්‍රවයන්ගෙන් ආරක්ෂාකර එම අභියෝගය ජය ගැනීමට අනාගත පරපුර සන්නද්ධ කිරීම අපසතු වගකීමයි.
(තොරතුරු - ජේ.එම්.සී.කේ.තෙන්නකෝන් -ව/ඉ/උස්සාව විද්‍යාලය-මැල්සිරිපුර)
Education & Library History in Sri Lanka (Sinhala Article Link)
Free Sinhala E-books
Sinhala E-books
-
මාර්ටින් වික්‍රමසිංහ නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා හෙළ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා (1914) නව...
-
Sihina Andina Punchi Puthe | සිහින අඳින පුංචි පුතේ | Janitha Dhanushka SL

